ලේ වර්ගය ගැන දැනුවත් ද?

4:53:00 PM

තමන්ගේ ලේ වර්ගය ගැන දැනුවත්ද? (Blood groups)

O+
•ලොව පුද්ගලයන් 100ක ගෙන් 37කගේ රුධිර වර්ගය O+ වේ.
•O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: O+ O-•O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ O+ A+ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

O-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6කගේ රුධිර වර්ගය O- වේ.
•O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි වන්නේ O- රුධිර වර්ගය පමනි.එනම් අවාසනාවන්තම රුධිර වර්ගය වේ.
•O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක(සර්ව දායකයා).

A+•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 34 කගේ රුධිර වර්ගය A+ වේ.
•A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: A+ A- O+ O-
•A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ A+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

A-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6 කගේ රුධිර වර්ගය A- වේ.
•A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A- O-
•A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ A+ A- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

B+•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 10 කගේ රුධිර වර්ගය B+ වේ.
•B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: B+ B- O+ O-
•B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

B-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 2 කගේ රුධිර වර්ගය B- වේ.
•B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B- O-
•B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ B+ B- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

AB+
•ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ.
•AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්රතිග්රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ.
•AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාගකල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි.

AB-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් එක් පුද්ගලයෙකුගේ රුධිර වර්ගය AB- වේ.
•AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: AB- A- B- O-
•AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

කොසොල් රජතුමා දුටු සිහින 16

9:35:00 PM

මංගල සූත්‍රය

10:57:00 AM

ඛුද්දක නිකාය
ඛුද්දක පාඨය
5.                       මංගල සූත්රය

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය.

පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේට

“බොහෝ දෙවියෝද මනුෂ්යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි”

ගාථායෙන් කීය.

“එවිට භාග්යවතුන් වහන්සේ

බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එය උතුම් මඟුල්ය.

“නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එය උතුම් මඟුල්ය.

ධර්මශාස්ත්ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එය උතුම් මඟුල්ය.

“මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එය උතුම් මඟුල්ය.

“දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එය උතුම් මඟුල්ය.

“පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එය උතුම් මඟුල්ය.

“ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එය උතුම් මඟුල්ය.

“ඉවසීමද, සුවච බවද, ශ්රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එය උතුම් මඟුල්ය.

“ඉන්ද්රිය සංවරය හා වීර්යයද, බ්රහ්මචර්යාවද, ආර්ය සත්යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එය උතුම් මඟුල්ය.

“අෂ්ටලොක ධර්මයෙන් හැප්පුණු යමෙකුගේ සිත නොසැලේ නම් ඒ නොසැලෙන සිතද, ශොකනැති සිතද, කෙලෙස්ධූලි නැති සිතද, උපද්රව නැති සිතද යන එය උතුම් මඟුල්ය.

“මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”

                       මංගල සූත්රය නිමා විය

1. How to root a android phone ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් root කරන්නේ කොහොමද.

7:46:00 PM
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් root කරන්නේ කොහොමද කියන එක. රූට් කරනවා කියන්නේ 1-10 දක්වා කරන්න පුලුවන් වැඩ 10-අනන්තය දක්වා වැඩි කරනවා වගේ වැඩක්.

උදාහරණයක් ගත්තොත්
Sony ෆෝන් වලට සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරන්න බරි කම ගොඩක් අයට තියෙන ගැටලුවක්. ඒත් root කරාම ලේසියෙන්ම font එක install කරගන්න පුලුවන්.
එහෙනම් root කරන ආකාරය පියවර කීපයකින් කෙටියෙන් කියන්නම්.
අපිට මේකට ඕන වෙනව පරිගණකයක්. පරිගණක මෘදුකාංගයක්. Iroot කියලා.

1. මුලින්ම iroot සොෆ්ට්වෙයාර් එක බාගන්න ඕනි.
.pc software එක ගන්න ඕනි. 

2.pc එකට installs කරගන්න iroot.

3. දැන් setting වලට ගිහින් developer options ගිහින් USB debugging. On කරන්න.

4. Phone එක pc එකට cable එකෙන් connect කරන්න. ( phone එකේ drivers, pc එකට install කරල නැත්තම් internet එකේ search කරලා අරගන install කරගන්න.

5. ඊට පස්සේ iroot , install කරලා open කරන්න.

6. I root එකේ Connecting කියලා වැටෙයි. Usb cable එක ගලවන්න යන් නැතුන් එහෙම්ම තියන්න.

7. Connect උනාම ඔයාගෙ phone එකේ model එක software එකේ පෙන්වනවා.

8. Root කියලා වැටෙයි. ඒක click කරන්න.

9. 5 min වලින් phone එක root වෙලා ඉවර වෙනවා...

මේක අපේ පළවෙනි post එක අඩුපාඩු ඇති. මන් හිතනවා තේරෙන්න ඇති කියලා...
:-)
blogspot.okkomaa.com. Powered by Blogger.