ලේ වර්ගය ගැන දැනුවත් ද?

තමන්ගේ ලේ වර්ගය ගැන දැනුවත්ද? (Blood groups)

O+
•ලොව පුද්ගලයන් 100ක ගෙන් 37කගේ රුධිර වර්ගය O+ වේ.
•O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: O+ O-•O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ O+ A+ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

O-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6කගේ රුධිර වර්ගය O- වේ.
•O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි වන්නේ O- රුධිර වර්ගය පමනි.එනම් අවාසනාවන්තම රුධිර වර්ගය වේ.
•O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක(සර්ව දායකයා).

A+•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 34 කගේ රුධිර වර්ගය A+ වේ.
•A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: A+ A- O+ O-
•A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ A+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

A-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6 කගේ රුධිර වර්ගය A- වේ.
•A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A- O-
•A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ A+ A- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

B+•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 10 කගේ රුධිර වර්ගය B+ වේ.
•B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: B+ B- O+ O-
•B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

B-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 2 කගේ රුධිර වර්ගය B- වේ.
•B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B- O-
•B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ B+ B- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

AB+
•ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ.
•AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්රතිග්රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ.
•AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාගකල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි.

AB-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් එක් පුද්ගලයෙකුගේ රුධිර වර්ගය AB- වේ.
•AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: AB- A- B- O-
•AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

No comments

blogspot.okkomaa.com. Powered by Blogger.