සුන්දර රුවකට ඹලිව් තෙල් විශේෂාංග

ලෝකයේ සෑම රටකින්ම ඔලිව් තෙල්වලට ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. එමෙන් ම රූපලාවණ්‍ය සත්කාරයන්ට උචිත වන තෙල් වර්ගයක් ලෙස ද ප්‍රචලිත වී තිබේ. මුහුණට , හිසකෙස්වලට, පමණක් නොව කාන්තාවකගේ මුළු ශරීරයටම අත්‍යවශ්‍ය තෙල් වර්ගයක් ලෙස දෙස් විදෙස් රූපලාවණ්‍ය විශේෂඥවරුන් මෙන් ම වෛද්‍යවරුන් ඔලිව් තෙල් ගුණදායක බව පිළිගෙන තිබේ. පහත දැක්වෙන්නේ ලෝ ප්‍රකට රූපලාවණ්‍ය වෙබ් අඩවියක් වන ඉබරතඥජපචලඥ හි සඳහන් වූ ඔලිව් තෙල්වලින් රුව සුන්දර කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය.


සමට හිතකර මොයිස්චරයිසරයකි.

ඔලිව් තෙල්වල අඩංගු විටමින් ඡ් මඟින් සමට ආරක්ෂාව සපයනු ලබයි. බාහිරින් සමට වන හානිකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙය වඩාත් සුදුසු ය. වියළි සමක් සඳහා රාත්‍රී කාලයේ නිදා ගැනීමට යාමට පෙර ඔලිව් තෙල් ගෙන මුහුණේ සහ ශරීරයේ ආලේප කර පසු දින උදෑසන සෝදා හැරීම වඩාත් උචිත ය. එයින් වියළි සමට අවශ්‍ය තෙතමනය මනාව පවත්වා ගැනීම සිදු වේ. තව ස්නානය කිරීමේ දී ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන මුහුණේ සහ ශරීරයේ ආලේප කර විනාඩි 15 ක් පමණ කාලයක් හොඳීන් සම්භාහනය කිරීම සුදුසු වේ. ඔලිව් තෙල් රාත්‍රී කාලයේ දී ආලේප කිරීමෙන් පසු

පසුදින උදෑසන උණුසුම් ජලයෙන් සෝදා හැරීමට හොඳීන් මතක තබා ගත යුතු ය.

සමේ රෝග සඳහා ගුණදායක වේ.

ඔලිව් තෙල්වල අඩංගු විටමින් ඡ් මඟින් සමේ රෝග බොහොමයක් පාලනය කිරීමට හැකි බව විදෙස් වෛද්‍යවරු තම පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. සමේ බැක්ටීරීයා, දිලීර ආසාදන, සමේ පිළිකා තත්ත්වයන් උග්‍ර තත්ත්වයට පත් වීමට පෙර මෙමගින් සුවකර ගැනීමට පුළුවන. ඔලිව් තෙල් තේ හැඳී 02 ක ප්‍රමාණයක් , යෝගට් 1/3 ක ප්‍රමාණයක්, සහ මී පැණි ¼ ප්‍රමාණයක් එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20 ක කාලයකින් පසු උණුසුම් ජලය මඟින් සෝදා හැරිය යුතු ය. සමේ රෝගවලින් තොර ආකර්ෂණීය බවක් එක් කර ගැනීම සඳහා මෙය කදිම ප්‍රතිකාරයකි.

මේක්අප් ඉවත් කිරීමට සුදුසු ය.

වෘත්තීය ක්ෂේත්‍රය තුළ ආකර්ෂණීය බවක් ගෙන දීම සඳහා බොහෝ කාන්තාවන් මේක්අප් භාවිත කිරීමට පුරුදු වී සිටී. එයින් බොහෝ විට නොසිතන ආකාරයට දිගු කාලීන බලපෑම් මඟින් සමට හානි සිදු වේ. ඔලිව් තෙල් ආලේප කර මේක්අප් ඉවත් කීරීමෙන් එලෙස සමට සිදු වන හානිය අවම කර ගැනීමට හැකි බව විදෙස් වෛද්‍යවරු පෙන්වා දී තිබේ. කපු පුළුන් කෑල්ලකට ඔලිව් තෙල් තවරා ඇස් වටේ ආලේප කිරීමෙන් ඇස්වලට දමන ලද මේකප් පහසුවෙන් සමට හානි නොවන පරිදි ඉවත් කර ගැනීමට පුළුවන. ඉන් පසු ඔලිව් තෙල් තේ හැඳී 02 ක ප්‍රමාණයක් , යෝගට් 1/3 ක ප්‍රමාණයක්, සහ මී පැණි ¼ ක ප්‍රමාණයක් එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20 ක කාලයකින් පසු උණුසුම් ජලය මඟින් සෝදා හැරීම කළ හැකිය. මෙම ප්‍රතිකාරය දීර්ඝ කාලීනව මේකප් භාවිත කිරීමට පුරුදු වී සිටින කාන්තාවන්ට වඩාත් වැදගත් වේ.

සුන්දර තොල් හිමිකර ගැනීමට උපකාරී වේ.

මුහුණකට අලංකාර තොල් සඟලකින් ලබා දෙන්නේ නොසිතන අන්දමේ සුන්දරත්වයකි. වර්තමානයේ බොහෝ කාන්තාවන්ගේ තොල් දුර්වර්ණ වී තිබීමෙන් මුහුණේ සුන්දරත්වය ද මැකී ගොස් තිබේ. පැණි ආකාරයෙන් සකස් කර ගත් දුඹුරු සීනී ස්වල්පයක්, ඔලිව් තෙල් බිංදු කිහිපයක් සහ ලෙමන් යුෂ ස්වල්පයක් එකට මිශ්‍රී කර රාත්‍රීයේ නින්දට යාමට පෙර තොල්වල ආලේප විනාඩි 5 ක් පමණ හොඳීන් සම්බාහනය කිරීම සුදුසු ය. ලෙමන් යුෂ අලේප කිරීම මඟින් ද තොල්වලට ප්‍රකෘතිමත්භාවයක් එක් කිරීමට පුළුවන. මෙම ප්‍රතිකාරය මඟින් සිනිඳු මෙන් ම නිරෝගීමත් තොල් සඟළක් හිමි කර ගැනීමට පුළුවන.

නිරෝගී දිගු කෙස් කලඹක් හිමි කර ගත හැකි ය.

හිස කෙස් ආශ්‍රීතව හට ගන්නා රෝගී තත්ත්ව නිසා හිසකෙස් වැටීම, දුර්වර්ණ වීම, වැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ. ඔලිව් තෙල්වල අඩංගු විටමින් ඡ් හේතුවෙන් හිසකෙස් වැටීම පාලනය කර ගැනීමට පුළුවන් බව විදෙස් වෛද්‍යවරු තම පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. ගැටලුකාරී තත්ත්වයන් ඇති හිසකෙස් සඳහා ඔලිව් තෙල් භාගයක් , මී පැණි මේස හැඳී 2 ක්, සහ බිත්තර කහ මදය එකට මිශ්‍ර කර සාදා ගත් පේස්ට් එක හිසකෙස්වල ආලේප කර විනාඩි 20 ක් පමණ කාලයක් තබා උණුසුම් ජලයෙන් සෝදා හැරිය යුතු ය. බිත්තරවල අඩංගු ප්‍රෝටීන මඟින් ද හිසකෙස්වලට අත්‍යවශ්‍ය නිසි පෝෂණයක් ලබා ගැනීමට පුළුවන.

No comments

blogspot.okkomaa.com. Powered by Blogger.