රුව වඩවන ඉපැරණි රූපලාවණ්‍ය රහස්

2:35:00 AM

ලස්සන වෙන්න කැමති කාන්තා ඔබට ඔන්න අද අපි කියන්න යන්නේ ඔයාලගේ තරුණ බව වියකෙන්න නොදී රැක ගන්න පුළුවන් පැරැණි රූපලාවන්‍ය රහස් කිහිපයක් ගැන. ඇත්තටම අද වෙළඳ පොලේ තිබෙන සමහර දේවල් පාවිච්චි කරලා තාවකාලික පැහැපත් පෙනුමක් ලබා ගන්න දඟලන ඔබට මේ රහස් ටික නම් ගොඩක් වැදගත් වේවි. සමහර විට මේ දේවල් කියවන් යද්දී ඔයාට හිතෙයි කොහොමද මේ දේවල් පැරැණි රහස් වුනේ කියල. එත් ඉතින් ඇත්තටම අදටත් ඔයාල ඔයාලගේ සුන්දරත්වය රැක ගන්න මේ සමහර දේවල් සිදු කරනවා ඇති. ඇත්තටම තරුණ බව රැක ගන්න නම් මේ දේවල් කාන්තා ඔබට වටිනා.

ඔලිව් තෙල් සත්කාරය

ඔයාල දන්නවද අද වෙළද පොළෙන් ඔයාලා මිලදී අරගෙන භාවිතා කරන ගොඩක් ආලේපන වල අඩංගු ඔබේ සමට ගොඩක්ම හිතකර දෙයක් විදියට ඔලිව් තෙල් හඳුන්වා දෙන්න පුළුවන්.නමුත් වෙළඳපොළ ආලේපන වල අඩංගු කෘතීම සංඝටක වලින් ඔබේ සමට වෙන හානිය මෙහෙමයි කියල කියන්න බැරි වුනත් ඔයාට පුළුවන් සමට,හිසකෙස් වලට, කුරුලෑ ලප කැළැල් වලට ඔලිව් තෙල් පමණක් බය නැතිව පාවිච්චි කරන්න.ඖෂධ බෙහෙත් ඔරුව හෙවත් බාත් ඔරුව
පුරාණයේ බොහෝ රටවල් වල කාන්තාවන් තම සුන්දරත්වය වැඩි කර ගන්න පැහැපත් සමක් ලබා ගැනීමේ අරමුණින් ඖෂධ වර්ග, මල් වර්ග, තෙල් වර්ග වලින් යුත් සිසිල් හා උණුසුම් ජලයෙන් පිරි ඔරු වල පැය ගණන් බැහැලා ඒවගේ ඖෂධ සත්කාරය තම සිරුරට ලබා ගත්තා.ඉතින් අදටත් ඔයාලට පුළුවන් මේ කියපු දේවල් ඔයාගේ සුන්දරත්වය රැක ගන්න යොදා ගන්න.
උදාහරණයක් විදියට කිව්වොත් කොහොඹ කොළ අරගෙන ලොකු මුට්ටියකට දාල තම්බා ගෙන නාන විටදී අර කොහොඹ කොළ ශරීරයේ හොදින් අතුල්ලා නාන්න ඔයාට පුළුවන්.

තෙරපි

තෙරපි කිව්වම නම් ගොඩක් දෙනා වැරදි විදියට හිතයි. හැබැයි අද වෙද්දී අපේ රටෙත් ගොඩක් ආයුර්වේද සම්බාහාන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.ඔයාට පුළුවන් මාසෙකට එක් වතාවක් හරි ගිහින් ඔයාගේ ශරීරයට වගේම හිසට අත් පා වලට තෙරපියක් කර ගන්න. ඖෂධීය තෙල් වර්ග යොදා ගනිමින් ඔයාගේ ශරීරයට නහර වල ලේ ගමනයට ඒ වගේම සමේ කාන්තියට යන මේ හැම දේකටම ආයුර්වේද මධ්‍යස්ථාන වල සම්බාහනයන් සිදු කරනවා.

ස්ක්‍රබ්

කාන්තා ඔබ නම් ස්ක්‍රබ් ගැන ගොඩක් හොදට දන්නවා.මොකද අපේ සමහර කාන්තාවන් ගෙදරදීම මුහුණට එක එක විදියේ ස්ක්‍රබ් සිදු කරනවා නෙ. සමහර අය නම් බිත්තර,අලිපේර,සුදු හඳුන්, අමු කහ,කෝමාරිකා වගේ ස්වභාවික දේවල් යොදා ගෙන ගෙදරදීම මුහුණට ස්ක්‍රබ් සිදු කරනවා. ඔව් ඇත්තටම ඒ වගේ ස්වභාවික දේවල් යොදා ගනිමින් ස්ක්‍රබ් එකක් සිදු කිරීම ඔබේ මුහුණේ මරුන සයිල ඉවත් කිරීමට හොද සත්කාරයක්.

රෝස වට්ටෝරු

ඔයාල දැන් බලනවා ඇති මොකද්ද මේ රෝස වට්ටෝරු කියන්නේ කියලා. ඇත්තටම රෝස කියන්නේ කාන්තාවකගේ සම මෘදුව තියන්න පුළුවන් වටිනා ඖෂධයක්. දැන් ඔයාල බලනවා ඇති කොහොමද ඉතින් අපි මේවා හොයා ගන්නේ කියලා නේද. වැඩි දෙයක් කරන්න නෑ. ඔයාගේ ගෙවත්තේ වැවෙන රෝස පාටට හුරු පොකුරු රෝස මල් තියෙනවා නේද. අන්න ඒ රෝස පාට පොකුරු රෝසමල් අරගෙන වීදුරුවකට වතුර ටිකක් වෙන්න දාල අර රෝස මලේ පෙති එකින් එක අර වතුර වීදුරුවට කඩලා දාල ඒ වතුර එක වහලා තියන්න.පහුවදා අර රෝස මල් දාපු වතුර එක අරගෙන හොදින් මුහුණ හා බෙල්ල වටේ රෝස වතුරින් සොදන්නයි ඔයාට තියෙන්නේ.ඇත්තටම මේ දේ සතියකට දෙතුන් වතාවක් වත් කරන්න පුළුවන් නම් ඔයාට දිදුලන පැහැපත් සමක් ලබා ගන්න හැකියාව තියෙනවා.

මී පැණි

දන්නවද මී පැණි කියන්නේ ඉස්සර ඉඳලම අපේ කාන්තාවන් ලස්සන වෙන්න කියල භාවිතා කරපු දෙයක්. මැරුණ සයිල ප්‍රාණවත් කරන්න මී පැණි ගොඩක් ප්‍රයෝජනාවත් වෙනවා. යෝගට් වලට මී පැණි බින්දු කිහිපයක් එකතු කරලා මුහුණේ ආලේප කිරීම මගින් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.ඒ වගේම මී පැණි එක්ක කහ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්නත් ඔයාට පුළුවන්.මේ හැම දෙකින්ම ඔයාගේ සුන්දරත්වය රැක ගන්න ඔයාට පුළුවන්.

හෙනා හා බාස්ම

කාන්තා ඔබට ලැබුණ වටිනාම වස්තුවක් විදියට ඔබේ කොන්ඩේ හදුන්වා දෙන්න පුළුවන්. ඉතින් අද සමාජේ ඉන්න ගොඩක් කාන්තාවන්ගේ කොණ්ඩ පිතට සුදු වෙනවා වගේම හැලි හැලි යනවා.ඉතින් මෙන්න මේ වගේ ඔබේ කොන්ඩේට සිදු වෙන අතුරු ආබාධ වලක්වා ගන්න ඔබට පුළුවන් හෙනා භාවිතා කරන්න. අද වෙළඳ පොලේ තිබෙන බොහෝ හිස කෙස් කළු කරන ආලේපන වලත් අඩංගු වන්නේ හෙනා සංයෝග නිසා ඇත්තටම මෙය ඔබේ හිස කෙස් වර්ධනයට ඔබට උපකාරී වේවි.

බිත්තර සාරය

දැන් අපේ අය නම් කියයි මේ කන්න තියෙන බිත්තරෙන් මොන රූපලාවන්‍ය සත්කාරද කියල.නමුත් ඔබ දන්නවද ඔබ භාවිතා කරන බොහොමයක් ෂැම්පු වල බිත්තර සාරය අඩංගුයි වගේම හිස කෙස් වර්ධනයට හා නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න බිත්තර ඔබට උපකාරී වෙනවා.ඒ වගේම ඔබේ මුහුණේ අදුරු පෙනුම දුරු කර ගන්නත් ඔබට බිත්තර සාරය භාවිතා කරන්න පුළුවන්.

ගෝවා කොළ

ඇත්තටම ගෝවා කොළ වලින් කන එක ඇරෙන්න අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද. ඔබ දන්නවද ගෝව කොළ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ කිරි දෙන මවුවරුන්ට. එල්ලා වැටෙන පියයුරු වල තරුණ බව රැක ගන්න වගේම තන් පුඩු වලින් හට ගන්න වේදනාව අවම කර ගන්නත් ඔබට ගෝවා කොළ වැදගත්.ඒ වගේම පියයුරු වර්ධනයට පියයුරු මත ගෝව කොළ තබා ගෙන සිටීම මගින් ඔබට සාර්ථක ප්‍රථිපල ලබා ගන්නත් පුළුවන්.

මෝරු

ඔබේ ශරීරයේ ඇති සීරීම්, තුවාල කැළැල් වගේම එළවලු කපද්දී,කොළ ලියද්දි ඇගිලි වල සිදු වෙන සීරීම්, පැලීම් වගේ කැළැල් මකා ගන්න ඔබට මෝරු ප්‍රයෝජන වෙනවා. ඒ වගේම කකුල් වල තියෙන කොරල ප්‍රශ්නෙටත් මෝරු හොද සත්කාරයක්.

දෙහි යුෂ

දෙහි කියන්නේ විෂබීජ නාශකයක් කියල ඔබ අප සැවොම දන්නවා.ඉතින් ඔබේ සමේ මරුන සයිල ඉවත් කරන්න දෙහි යුෂ ඔබට ගොඩක් උපකාරී වෙනවා. විටමින් C බහුල දෙහි යුෂ උණු වතුරට එක් කොට ස්නානය කරන්නත් ඔබට පුළුවන්. කුරුලෑ හට ගන්න එක අවම කරන්නත් දෙහි වලට හැකියාව තියෙනවා.

වලා­කු­ළු­ව­ල­ටත් ඉහ­ළට තැනෙන ලොව උසම ගොඩ­නැ­ගිල්ල

2:31:00 AM
කොළඹ අහස දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස්. ඊට හේතුව තමයි කාලයෙන් කාලයට සෑදෙන අහස සූරන ගොඩනැගිලි. එකිනෙකට වෙනස් විවිධ හැඩයෙන් යුතු මේ ගොඩනැගිලි රටක සංවර්ධනය පෙන්නුම් කරන සාධකයක් ලෙසින්ද සමහරු යොදා ගන්නවා.

ලෝකයේ උසම ගොඩනැගිල්ල සෑදීමට බොහෝ දියුණු රටවල් උනන්දු වන්නේ මේ නිසා විය හැකියි. වර්තමානයේ ලෝකයේ උසම ගොඩනැගිල්ල වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබෙන මීටර් 828කින් යුතු ‘බර්ජ් කලීෆා’ නම් ගොඩනැගිල්ලයි.

නුදුරු අනාගතයේදීම මෙම කිරුළ සෞදි අරාබිය වෙත යාමට නියමිතය. ඒ දැනට ඉදිවෙමින් පවතින ‘රාජධානි කුළුණ හෙවත් ජෙඩා කුළුණ’ (Kingdom Tower / Jeddah Tower) සම්පූර්ණයෙන් නිමවූ පසු කිලෝමීටරයක් (අඩි 3300ක්) උසින් යුක්ත වීම නිසායි. මහල් 170කින් යුක්ත වන මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කර තිබෙන්නේ 2014 වසරේදීය.

වරින් වර ඉදිකිරීමේ කටයුතු අඩාල වූවත් නැවතත් මෙම වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ ලබන වසර අවසාන වන විට ගොඩනැගිල්ල නිමකිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. මේ වනවිට අඩි 870ක් එනම් මීටර 266ක් උසින් යුතු වන අතර මහල් 66ක් සාදා තිබෙනවා.

වර්ධනය, සෞභාග්‍යය හා කලාපීය වර්ධනය මෙම ගොඩනැගිල්ල තුළින් විදහා දැක්වන බව මෙහි නිර්මාණකරුවන් පවසනවා. කිංඩම් සමාගම හා ජෙඩා ආර්ථික සමාගම විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් යොදවනවා. ආරම්භයේ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක මුදලක් වූවත් ඉදිකිරීම් ඇනහිටීම නිසා මෙම අගය ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කිංඩම් සමාගමේ අයිතිකරු වන්නේ සෞදි අරාබියේ කෝටිපතියකු වන අල්වලීඩ් බින් තලාල් කුමරුයි. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වන්නේ සෞදි බින්ලාඩින් සමූහ ව්‍යාපාරයයි. මීට වසර 80කට පමණ පෙර මෙම සමාගම ආරම්භකර තිබෙන්නේ කුප්‍රකට අල් කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ පියා විසිනි.

‘Y’ අක්ෂරයක් යටිකුරු කළ විට ලැබෙන හැඩයට සමාන හැඩයකින් යුක්ත මෙම ගොඩනැගිල්ල ඉහළට යනවිට සිහින් වන අයුරින් සාදා තිබෙන්නේ ව්‍යුහය වෙත ලැබෙන බර අඩු කිරීමටයි. පහළ ඉඩකඩින් වැඩි මහල් ප්‍රමාණයක් කාර්යාල සඳහා යොදා ගන්නා අතර ඉන්පසු හෝටල් සඳහා මෙහි ඉඩකඩ වෙන්වනවා. ඉහළම තට්ටු සියය වෙන්වන්නේ පෞද්ගලික නිවාස සඳහායි.

මෙහි ඉහළම මහල් දක්වා ගමන් කරනවිට එක් මහලකට එක් තනි නිවසක් තිබෙන අයුරින් තමයි මෙය නිර්මාණය කරන්නේ. 157 වැනි මහලේ එනම් මීටර් 610ක් උසින් තිබෙන විශාල සඳළුතලය වැනි එළිමහන් කොටස ලොව වඩාත්ම උසින් පිහිටි නිරීක්ෂණ ස්ථානය වීමටත් නියමිතයි.

නුදුරු දිනෙයක මෙම ගොඩනැගිල්ලේ ඉහළම මහලක පිහිටි නිවෙසක පදිංචිවන්නන්ට වලාකුළු වලටත් ඉහළින් ඉන්නට හැකිවේවි. එය සැබැවින්ම සුරංගනා ලොවක සිටිනවා වැනි හැඟීමක් ගෙන දේවි.

හෙළ විකුම් ගොළුවතින් පවසන ඇම්බැක්කේ දේවාලය

2:29:00 AM
ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද උඩරට පිහිටි 'ඇම්බැක්කේ දේවාලය' හැඳින්විය හැකිය.

ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය, එදා ගෘහ නිර්මාණ ශිල්පයේත්, ලී කැටයම් කලා‍වේත් මන බන්දනීය සම්මිශ්‍රණයකි. ඇම්බැක්ක ග්‍රාමය පිහිටා ඇත්තේ දවුලාගල ගම ආසන්නයේ ය.

කොළඹ-මහනුවර මහා මාර්ගයේ පිලිමතලාවෙන් හැරී, දවුලාගල මාර්ගයේ කිලෝ මීටර අටක් පමණ ගමන් කිරීමෙන් පසු , රමණීය පරිසරයක් දායාද කර ගත් දේවාල භූමිය වෙත ළඟා විය හැකි ය. එම දුර ප්‍රමාණය පසු කරන අතරවාරයේදී, එම යුගයේම නිර්මිත තවත් අලංකාර පුදබිම් දෙකක් වන ‘ලංකාතිලක විහාරය ' සහ ‘ගඩලාදෙණිය විහාරය' මෙන් ම, සරුසාර කෙත්වතු, කඳුවැටි ද නෙත ගැටේ.

ඇම්බැක්ක දේවාලයට ඇතුළු වන ස්ථානයේ ප්‍රථමයෙන් ම දැකිය හැක්කේ, අපූරු නිමැවුමක් වන දෙවොලේ වාහල්කඩ ය. එය පසු කරත්ම, දේවාලයේ ‘දික්ගේ‘ යනුවෙන් හැඳින්වෙන රංග ශාලාව දැකගත හැකි ය. එය අඩි 52 ක් දිගින් ද, අඩි 26 ක් පළලින් ද යුක්ත ය.

මේ ගොඩනැගිල්ල තැනීමේදී, අත්තිවාරම් පාදයේ ගිල්වන ලද කෙටි ගල් කණු මත කැටයම් කළ විසිතුරු ලී කණු 32 ක් සවිකර, වහලය ගසා තිබෙන බව කියැවේ. මේ දෙවොල සදහා පාවිච්චි කර ඇති දැව වර්ග අතර ගම්මාළු, ගිනිසපු, නා සහ පිහිඹිය ද වෙයි.

ක්‍රිස්තු පූර්ව1371-94 තෙක් ගම්පොළ යුගයේ රජ කළ 111 වැනි වික්‍රමබාහු නිරිඳුන්ගේ පාලන සමයේ , නුවර මැද පළාත කෝරළේ ඇම්බැක්ක ගමේ ඉදි කරවන ලද මේ දේවාලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ, දේවෙන්ද්‍ර මූලාචාරී නම් වූ එවකට සිටි අති දක්ෂ ශිල්පියකු බව සඳහන් ය.මෙය ලී කැටයම් ශිල්පින් තිදෙනකුගේ විස්කමක් බවට ද විශ්වාසයක් පවතී.පසු කාලීනව මහනුවර රජ කළ රජවරුන් මෙය වරින් වර පිළිසකර කර ඇත.

වික්‍රමබාහු රජුගේ හෙන්කන්ද බිසෝ බණ්ඩාර නම් වූ බිසවට කතරගම දෙවියන් සිහිනෙන් පෙනීසිට, තමා වෙනුවෙන් දේවාලයක් කරවන ලෙස බිසවගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම සිහිනයම දුටු බව කියන ‘ රන්ගම ‘නම් වූ බෙර වයන්නා ද සමඟ මේ

දෙවොල ඉදි කළ බව කියැවේ. මහසෙන් හෙවත් කතරගම දෙවියන් උදෙසා මේ දේවාලය තනා ඇත.

කොටස් තුනකින් යුක්තව තිබූ දෙවොල, ඈත අතීතයේදී දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබී ඇතත්, කාලය සමඟ එය ගරා වැටෙන්නට ඇතැයි ද මතයක් පවතී. මෙහි ඇතුල් විහාරයේ දේව ප්‍රතිමාවක් ද තිබී ඇත.‘දික්ගෙය‘ට නුදුරින් පිහිටියේ රංග ශාලාව ය.මෙහි වෙනත් බෙර වැයුම් ශාලාවක් ද ඇත. පසු කාලීනව රජ කළ රජවරුන්, මේ දේවාලය වරින් වර පිළිසකර කරවන ලද බව කියැවේ.

මෙහි වර්ග 125 ක සැරසිලි මෝස්තර ඇතුළත් ය. ළියවැල් ආශ්‍රිත නිර්මාණ 256 ක් ද, නෙළුම් මල් ආශ්‍රිත නිර්මාණ 64 ක් ද, වහළ මෝස්තර 30 ක් ද මෙයට ඇතුළත් ය. මෝස්තර වර්ග සියල්ලේ එකතුව 514 කි.

කින්නර, අර්ධ පක්ෂී සහ අර්ධ කාන්තා රූප මෙහි ඇත. හිස් දෙකේ භේරුණ්ඩ පක්ෂියා, සිංහ, ඇත්, රාජාලි, දෙමුහුන් ගජසිංහ, මකරා, අංගම් පොර සහ කිරිදෙන මව යන නිර්මාණ වඩාත් කැපී පෙනේ. මේ නිර්මාණ එවකට ඉතා මටසිලිටි ලෙස ඔපදමා තිබෙන්නටඇතැයි උපකල්පනය කළ හැකි ය. කණුවල අඟල් 9 x 9 කොටු වල මේ කැටයම් කපා තිබේ. මෙහි ඇති වඩාත්ම ජන අවධානයට ලක්වන ප්‍රධානතම දැව නිර්මාණය ‘මඩොල් කුරුපාව‘ නමින් හැඳින්වේ. මෙය දැවැන්ත පරාල 26 ක් එකට සම්බන්ධ කෙරෙන පරිදි නිමවන ලද, විශාල දැවමය කූඤ්ඤයක් වැන්න. මේ නිර්මාණය වෙන කිසිම තැනක දක්නට

නොලැබෙන, ශ්‍රී ලංකාවටම සීමා වූ නිර්මාණයක් බව ‘යුනෙස්කෝ‘ ආයතනය මඟින් ද සනාථ කර ඇත.

මෙහි ‘ගර්භය‘ යනුවෙන් වැහැරෙන කොටස බුදු කුටියකි. හේවිසි මණ්ඩපය යනුවෙන් ද කොටසක් මෙහි ඇත.මෙහි පූජා යනාදියට අවශ්‍ය ධාන්‍ය වර්ග තැන්පත් කර ඇත්තේ, වී අටුව නමැතී ලී කොටන් මත දේවාල බිමේ ඉදි කර ඇති වී බිස්සක් වැනි වෙනම ගොඩනැගිල්ලක ය. එවකට දේවාලයේ දෛනිකව පූජා වාර තුනක් පවත්වා ඇතැයි කියැවේ.

දෙස්, විදෙස් සංචාරක පිරිස් දෛනිකවම මෙහි පැමිණෙති. පැරැණි හෙළ කලාකරුවන්ගේ කලා කෞශල්‍යයේ මහිමය දැක මවිතයට පත් වෙති.


ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද උඩරට පිහිටි 'ඇම්බැක්කේ දේවාලය' හැඳින්විය හැකිය.

ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය, එදා ගෘහ නිර්මාණ ශිල්පයේත්, ලී කැටයම් කලා‍වේත් මන බන්දනීය සම්මිශ්‍රණයකි. ඇම්බැක්ක ග්‍රාමය පිහිටා ඇත්තේ දවුලාගල ගම ආසන්නයේ ය.

කොළඹ-මහනුවර මහා මාර්ගයේ පිලිමතලාවෙන් හැරී, දවුලාගල මාර්ගයේ කිලෝ මීටර අටක් පමණ ගමන් කිරීමෙන් පසු , රමණීය පරිසරයක් දායාද කර ගත් දේවාල භූමිය වෙත ළඟා විය හැකි ය. එම දුර ප්‍රමාණය පසු කරන අතරවාරයේදී, එම යුගයේම නිර්මිත තවත් අලංකාර පුදබිම් දෙකක් වන ‘ලංකාතිලක විහාරය ' සහ ‘ගඩලාදෙණිය විහාරය' මෙන් ම, සරුසාර කෙත්වතු, කඳුවැටි ද නෙත ගැටේ.

ඇම්බැක්ක දේවාලයට ඇතුළු වන ස්ථානයේ ප්‍රථමයෙන් ම දැකිය හැක්කේ, අපූරු නිමැවුමක් වන දෙවොලේ වාහල්කඩ ය. එය පසු කරත්ම, දේවාලයේ ‘දික්ගේ‘ යනුවෙන් හැඳින්වෙන රංග ශාලාව දැකගත හැකි ය. එය අඩි 52 ක් දිගින් ද, අඩි 26 ක් පළලින් ද යුක්ත ය.

මේ ගොඩනැගිල්ල තැනීමේදී, අත්තිවාරම් පාදයේ ගිල්වන ලද කෙටි ගල් කණු මත කැටයම් කළ විසිතුරු ලී කණු 32 ක් සවිකර, වහලය ගසා තිබෙන බව කියැවේ. මේ දෙවොල සදහා පාවිච්චි කර ඇති දැව වර්ග අතර ගම්මාළු, ගිනිසපු, නා සහ පිහිඹිය ද වෙයි.

ක්‍රිස්තු පූර්ව1371-94 තෙක් ගම්පොළ යුගයේ රජ කළ 111 වැනි වික්‍රමබාහු නිරිඳුන්ගේ පාලන සමයේ , නුවර මැද පළාත කෝරළේ ඇම්බැක්ක ගමේ ඉදි කරවන ලද මේ දේවාලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ, දේවෙන්ද්‍ර මූලාචාරී නම් වූ එවකට සිටි අති දක්ෂ ශිල්පියකු බව සඳහන් ය.මෙය ලී කැටයම් ශිල්පින් තිදෙනකුගේ විස්කමක් බවට ද විශ්වාසයක් පවතී.පසු කාලීනව මහනුවර රජ කළ රජවරුන් මෙය වරින් වර පිළිසකර කර ඇත.

වික්‍රමබාහු රජුගේ හෙන්කන්ද බිසෝ බණ්ඩාර නම් වූ බිසවට කතරගම දෙවියන් සිහිනෙන් පෙනීසිට, තමා වෙනුවෙන් දේවාලයක් කරවන ලෙස බිසවගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම සිහිනයම දුටු බව කියන ‘ රන්ගම ‘නම් වූ බෙර වයන්නා ද සමඟ මේ

දෙවොල ඉදි කළ බව කියැවේ. මහසෙන් හෙවත් කතරගම දෙවියන් උදෙසා මේ දේවාලය තනා ඇත.

කොටස් තුනකින් යුක්තව තිබූ දෙවොල, ඈත අතීතයේදී දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබී ඇතත්, කාලය සමඟ එය ගරා වැටෙන්නට ඇතැයි ද මතයක් පවතී. මෙහි ඇතුල් විහාරයේ දේව ප්‍රතිමාවක් ද තිබී ඇත.‘දික්ගෙය‘ට නුදුරින් පිහිටියේ රංග ශාලාව ය.මෙහි වෙනත් බෙර වැයුම් ශාලාවක් ද ඇත. පසු කාලීනව රජ කළ රජවරුන්, මේ දේවාලය වරින් වර පිළිසකර කරවන ලද බව කියැවේ.

මෙහි වර්ග 125 ක සැරසිලි මෝස්තර ඇතුළත් ය. ළියවැල් ආශ්‍රිත නිර්මාණ 256 ක් ද, නෙළුම් මල් ආශ්‍රිත නිර්මාණ 64 ක් ද, වහළ මෝස්තර 30 ක් ද මෙයට ඇතුළත් ය. මෝස්තර වර්ග සියල්ලේ එකතුව 514 කි.

කින්නර, අර්ධ පක්ෂී සහ අර්ධ කාන්තා රූප මෙහි ඇත. හිස් දෙකේ භේරුණ්ඩ පක්ෂියා, සිංහ, ඇත්, රාජාලි, දෙමුහුන් ගජසිංහ, මකරා, අංගම් පොර සහ කිරිදෙන මව යන නිර්මාණ වඩාත් කැපී පෙනේ. මේ නිර්මාණ එවකට ඉතා මටසිලිටි ලෙස ඔපදමා තිබෙන්නටඇතැයි උපකල්පනය කළ හැකි ය. කණුවල අඟල් 9 x 9 කොටු වල මේ කැටයම් කපා තිබේ. මෙහි ඇති වඩාත්ම ජන අවධානයට ලක්වන ප්‍රධානතම දැව නිර්මාණය ‘මඩොල් කුරුපාව‘ නමින් හැඳින්වේ. මෙය දැවැන්ත පරාල 26 ක් එකට සම්බන්ධ කෙරෙන පරිදි නිමවන ලද, විශාල දැවමය කූඤ්ඤයක් වැන්න. මේ නිර්මාණය වෙන කිසිම තැනක දක්නට

නොලැබෙන, ශ්‍රී ලංකාවටම සීමා වූ නිර්මාණයක් බව ‘යුනෙස්කෝ‘ ආයතනය මඟින් ද සනාථ කර ඇත.

මෙහි ‘ගර්භය‘ යනුවෙන් වැහැරෙන කොටස බුදු කුටියකි. හේවිසි මණ්ඩපය යනුවෙන් ද කොටසක් මෙහි ඇත.මෙහි පූජා යනාදියට අවශ්‍ය ධාන්‍ය වර්ග තැන්පත් කර ඇත්තේ, වී අටුව නමැතී ලී කොටන් මත දේවාල බිමේ ඉදි කර ඇති වී බිස්සක් වැනි වෙනම ගොඩනැගිල්ලක ය. එවකට දේවාලයේ දෛනිකව පූජා වාර තුනක් පවත්වා ඇතැයි කියැවේ.

දෙස්, විදෙස් සංචාරක පිරිස් දෛනිකවම මෙහි පැමිණෙති. පැරැණි හෙළ කලාකරුවන්ගේ කලා කෞශල්‍යයේ මහිමය දැක මවිතයට පත් වෙති.

මදුනාගල ඉදි කළ ධර්ම බළකොටුව

2:27:00 AM

වනයේ සතා සිවුපාවුන්ට, ගහකොළට නල වැලට සතුරු වී ගොදුරු සොයමින් ඉව අල්ලන දෙපා නිරි සතුන් විසින් මදු ගසා, ඒ මල පුඬු මතින් අවසන් ගමන් යන සතුන්ගේ කෙම්බිම ඝාතකාගාරයක් බවට පත් කරනු ලැබිණි. සහජීවනයෙන් විසූ ලෙන් කුටි තුළ මැසි බැඳිණි. ඒ මැසි මත මළ සිරුරු වියැළිණි. මස් වැද්දන් මේ විදියට මදු ඇටවූ ගල මදුනාගල විය.

ක්‍රි.පූර්ව යුගයේ සිට පැවතගෙන එන පින් බිමක් වන මෙතන පෙරදා පැවතියේ ඝාතකාගාරයක් නොව සුවය සැනසීම, සංහිඳියාවෙන් සිරි වන සෙනසුනකි. එසේ නම් මදු නාගල වූයේ මදු ඇටවූ දා සිට විය හැකි ය.

ඉන්ද්‍රිය සංවර ශීලයෙන් අග තැන්පත් චිත්ත ගුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානය සොයා 1945 වසරේ දී කරඹගල වන සෙනසුනට පැමිණි වසර 35 ක් පමණ වූ තරුණ යෝගාවචරයාණන් වහන්සේ නමක් මෙතනට වැඩියේ ය. හෝඩුවාව ලැබුණේ කිරි බණ්ඩා උපාසක මහතා ගෙනි.

එදා සිත් පිත් නැති ආයුධ සන්නද්ධ දඩයක්කාර හමුදාව හමුවට නිරායුධව පැමිණි මේ භික්ෂූන් වහන්සේ සතුව පැවැති ආයුධය වූයේ අභීත බව ය. මෛත්‍රිය, කරුණාවෙන් සපිරි හදවත රැගෙන පැමිණි උන් වහන්සේ නමින් වතුරුවිල ඥානානන්ද නම් විය. මේ යෝගාවචරයාණන් මදුනාගල හද්දා වනයට ඇතුළු වූයේ මහණ දම් පිරීමට සුදුසුම මාර්ගය සැකසී ඇත්තේ ඇතැම් විට අඩි පාරක්වත් නොපෙනෙන වන අරණ තුළ බව ඇදහූ නිසා ය.

ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වන්නේ අද වෙන්ව ඇති එහෙත් ආසන්නයේ පවතින මදුනාගල හා කරඹගල පූජනීය සෙනසුන් දෙකම එක්ව පැවතුණු බව ය.

එසේම අද මදුනාගල කොටසෙහි කටාරම් සහිත ලෙන් 26 ක් පමණ සොයාගෙන ඇතත් බොහෝ ලෙන් අභාවයට ගොස් ඇත්තේ ඒවායේ වැඩ වසන්නට භික්ෂූන් වහන්සේ නොමැති වීම නිසා ය.

මදුනාගල ඇති පුවරුවකට අනුව ක්‍රි.පූ. 2 වැනි සියවසෙහි වසර 44 ක් රෝහණ ජනපදයෙහි රාජ්‍ය කළ කාවන්තිස්ස මහ රජතුමා විසින් චිත්තගුත්ත මහ රහතන් වහන්සේ ඇතුළු වන වාසී මහා සංඝරත්නයට පූජා කළ විහාරාරාම ගල්ලෙන් පරිශ්‍රය මෙය බව කියැවෙයි. තවදුරටත් පැවසෙන්නේ ක්‍රි.ව. 3 වැනි සියවසෙහි වසර 27 ක් අනුරාධපුරයේ රාජ්‍ය කළ මහසෙන් රජතුමා ද වසර 28 ක් රාජ්‍ය කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා ද ගල්ලෙන් විහාර අංගෝපාංග සකසා සුසිල්වත් වනවාසී මහා සංඝරත්නයට පූජා කළ බව ය.

ඒ මදුනාගල පළමු පරිච්ඡේදයයි.

දෙවැනි පරිච්ඡේදය ඉතිහාසයට එක් වන්නේ ය. වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මාහිමිපාණන් වහන්සේ නිසා ය. ඒ 1946 වස‍ෙර් සිට ය.

මදුනාගල වන සෙනසුන පවතින්නේ අභයභූමියක් වශයෙන් රජය විසින් නම් කර ඇති වන ගහනය තුළ ය. මෙහි භූමි වපසරිය අක්කර 2700 කට සීමා වී ඇති බව අසන්නට ලැබිණි.

එදා නා හිමිපාණන් මෙතනට පැමිණෙන විට කටාරම් කොටන ලද ලෙන් සමූහයක් පැවතියේ පස් කඳින් වැස‍ී ගොසිනි. මේවා වාසයට සුදුසු ලෙස සැකසීම යෝධ කාර්යයක් විය. කෙසේ හෝ වසර කීපයක් තුළ මෙය පරිපූර්ණ ආරණ්‍ය සේනාසනයක් බවට පරිවර්තනය ව‍ූයේ ස්වාභාවික පරිසරය ව්‍යාකූල නොකරමින් ඊට අනුගතව වීම විශේෂයකි.

අද අප දකින්නේ එහි වර්ධනයේ තවත් දිගුවකි. හෙට මෙය තවත් වෙනස් විය හැක. කෙසේ හෝ ඓතිහාසික ස්ථානයක් සංවර්ධනය කිරීමේදී එහි පෞරාණික මූලික ලක්ෂණ එලෙසම පවත්වාගෙන යා යුතු බව හැ‍ෙඟයි.

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරත්තවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මදුනාගල අරණ්‍ය සේනාසනය වෙතට ළඟාවිය හැකි මං පෙත් කීපයකි. අම්බලන්තොට, රිදියගම, හබරත්තවල මඟ ඔස්සේ ද සූරියවැව මිරිජ්ජවිල මාර්ගය ඔස්සේ ද ඇඹිලිපිටිය පදනංගලින් විහිදෙන අඩි 100 මාර්ගයෙන් ද සෙනසුන වෙත ළං විය හැකි ය.

සෙනසුනට දානය සකස් කරන සහ වන්දනාකරුවන්ට නවාතැන් සපයන ශාලා සහිත භූමියේ සිට කි.මී. 1.7ක පමණ දුරක් ගන වනය මැදින් ගමන්කර සෙනසුන වෙතට පිවිසිය හැකි ය.

මෙම මාර්ගයේ විශාල බසයකට වුව ද ගමන් කළ හැකි වීම පහසුවකි. අපගේ පහසුව වර්ධනය වන තරමටම වනසතුන් ගේ පහසුව ද ක්‍රමයෙන් හීන වී යෑමට ඇති ඉඩ ප්‍රස්තාව ද වැඩි වෙයි.

වනය මිරිකී තල්ලු වී අද ඉතිරිව ඇත්තේ කුඩා වන රොදකි. සතුන්ට යන්තමින් ඉතිරිවී ඇති එළිමහන් සිරකඳවුරක් වන් මදුනාගල අභය භූමියේ වන සතුන්ගේ සිත් තුළට බය ඇති කිරීමට අභයභූමිය ඇතුළත මෙවන් දේ සිදුවීම සුදුසු නොවෙතැයි සිතේ.

ඒ දසුන් පෙළ පසු කරමින් යනවිට තවමත් රූස්ස ගහ කොළ උකටලීව - උපේක්ෂාවෙන් හිඳිමින් වනයක සිරිය විඳින්නට ආරාධනා කරනා සෙයකි. එතැන් සිට පාළුව ද, සැකය ද භීතිය ද සමඟ මම ඉදිරියට ඇදෙමි. ඇතැම් විහඟ ගී තනු සිත ආලෝලනය කරවන අතර අතරින් පතර ඈතින් ඇසෙනා ගුප්ත ස්වරයන් සියුම් සයිරන් හඬක් වැනිය. වනයේ දී ලබාදෙන මෙවැනි අනතුරු සංඥා හඟවන්නේ සීරුවෙන් - විමසිල්ලෙන් වනයේ දී ගමන් කළ යුතු බව ය. වනයේ අප‍ූර්වත්වයෙන් පිරි චමත්කාරය රැඳී ඇත්තේ එවන් සම්මිශ්‍රණයන් තුළ ය.

වනගහනය මැදින් අරණ්‍ය සේනාසනයට ආසන්නේ වම් පසට ඇති පෙත් ම‍ඟෙහි ගමන් කළ විට ඇතා ලෙන නම් ලෙන් සමුච්චය හමු වෙයි. එක පෙළකට වූ උස් වූ ද දික් වූ ද ගල් කුළු පාදමේ ලෙන් කුටි 07 ක් පමණ සෑදී තිබෙයි. මේවා වනවාසී භික්ෂූන් වෙනුවෙන් බිත්ති බැඳ සකසා තිබේ. පෙර රජ දවස මැටියෙන් බැඳී බිත්ති කොටස් අදත් එහිදී දැක ගැනීමට ලැබෙයි. සෙල් පියස මුඳුනේ බඹරුන් වද බැඳ තිබේ. ඇතැම් දිනක මුඳුන් තලයට පනින රිලවුන් ගේ දඟකාරකම් නිසා බඹරුන් ඇවිස්සී භික්ෂූන් වහන්සේලාට වූ අනතුරුදායක අත්දැකීමක් පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි. මෙතනදී මා සිත ව්‍යාකූල වේ. අප සිතන්නේ බඹරුන් ආක්‍රමණිකයන් කියාය. බඹරුන් සිතන්නේ අප ආක්‍රමණිකයන් කියා ය.

නැවතත් මඟට පිවිසී ගමන් කළ විට මදුනාගල වන සෙනසුනේ අබිමුවට පිවිසිය හැකි ය‍.

එතනින් නැ‍ඟෙන ශෛලතලාව තල කීපයක් මත සැකසී ඇත. ඒ ස්තරයන් මත වලාකුළු බැමි බැඳ තිබේ. එතැනට පිවිසෙන්නට සිමෙන්තියෙන් පඩි බැඳ ඇත. රාත්‍රියේ සිට අලුයම දක්වා ලන්තෑරුම් පත්තු කර නැ‍ඟෙන පඩි මත තබා තිබෙන්නේ වන අලින් එතැනින් ඇතුල්වීම වළකාලන උපා වශයෙනි. පියගැට පෙළ නැඟ දකුණු පස ඇති චූලනාග ලෙන සහ මහා නාග ලෙන වෙත පිවිසිය හැක. මහානාග ලෙන තුළ දාන ශාලාව සැකසී තිබේ. ඉදිරියේ ඇත්තේ අරණේ බුදු මැදුර ය. වම් පසින් ඇති සෙල් තලාව මත ධාතු මන්දිරය කොන්ක්‍රීට් කණු මතින් සිමෙන්තියෙන් ඉදිවෙමින් පවතී.

මා මෙහි පළමු වරට ආ ගමනේදී එතැන වූයේ නිරාවරිත ගල් තලාවකි‍. ඒ ගල්තලාවේ ස්වාභාවික පොකුණක් සෑදී තිබිණි. වනයේ දිය සිඳුණු විට එතැනට වන අලි එන බවත් ඉතා කලාතුරකින් කොටියා ද පැමිණෙන බවත් - එදා මට අසන්නට ලැබිණි. අදත් ඒ ශෛලමය දිය පොකුණු මදක් ආවරණය එලෙසම පවතී. හෙට දිනයේදී වන සතුන් එතැනට පැමිණේ දැයි සැකසහිතය. නමුත් එදා මෙතනට පැමිණි වනසතුන් හා ඤාණානන්ද මා හිමියන් අතර බැඳුණු රසවත් කථා රැසකි.

මෙම ගල්තලාවෙන් ඉදිරියට යනවිට ඤාණානන්ද හිමියන් සහ වගවලසුන් අතර සිදුවූ හිත් සසල කර වන, නමුත් සොඳුරු සිතුවම් මවන කතාවකට පසුබිම් කථනයක් සපයන ලෙනක් හමුවෙයි. එම ලෙන නම්කර ඇත්තේ පළමු ලෙන වශයෙනි. එය දිගු ය. පටන් ගැන්ම පුළුල් ය. අවසන් වන්නේ ඉතා සිහින් ව ය. හරියට එතන කැපුම් කට්ටක් වැනි කුඩා විවරයකි. පිහිටි පොළොවේ සිට එතනට උස අඩි 25 ක් පමණ විය. මාහිමියන් මෙතනට වැඩිය මුල් දවස්වල නිරාවරිත ගන වනන්තරයේ ආරක්ෂිත ස්ථානයක් නොවී ය. වන සතුන් ද අධික බැවින් රාත්‍රිය ද වඩාත් බියකරු විය. මා හිමියන් ඒ නිසා අලියකුටවත් හොඬ පොවන්නට නොහැකි - වනයේ භයානකම වලසාටවත් අත පොවන්නට නො හැකි මෙම අපහසු කැපුම් කට්ටය තුළ රාත්‍රිය ගෙවී ය. එතනට නැග ගත්තේ ඉනි මඟක මාර්ගයෙනි‍. දිනක් රාත්‍රියකදී ඇඟ කිලිපොළා යන හූ හඬක් ඇසී මාහිමියෝ සැණෙන් අවදි වූහ. කළුවර රාත්‍රියේදී වුව, මාහිමියන් යන්තමින් දුටුවේ වලසුන් කීප දෙනකු පහත් තලයේ සිට උඩට දෑස් යොමාගෙන කෙළ හලමින් සිටින බිය කරු දසුන ය. මා හිමියෝ මොහොතක් සසල වූ සිත නිසල කරගනිමින් මෙසේ පැවසූහ.

“මේ... ‍ඔය ශබ්ද අහන්න මා කැමැති නෑ. ඒ නිසා හිටියට කමක් නෑ කරුණා කරලා කෑ ගහන්න එපා.” එහෙම කියල ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව තුන් වරක් කියල ඉවර වුණා විතරයි. මහ හඬක් දුන්න. ඊළඟට විනාඩි 4 – 5 ක් ගියාම බොහෝම ඈතින් කෑගහන ශබ්දය ඇහුණා‍. ඊට පස්සේ කිසි දවසක වලසුන්ගේ කෑගසන ශබ්දයක් මදුනාගලින් ඇසුණේ නෑ.”

ඒ වාගේ ම මඟ ඇහිරූව මෙන් ම ඉදිරියට පැමිණි වන අලින්ට ආදරයෙන් අමතමින් කීකරු කර ගත් අවස්ථාවන් බොහොමයක් අසන්නට ලැබිණි. මේ සියලු සිදුවීම් වලින් හැ‍ඟෙන්නේ සෙනේවන්ත පියතුමකුගේ ආදරණීය විදානයන් ය. එදා ඒ සතුන් කීකරු වූයේ පඬු පැහැ චීවරයටම නොව ආත්මය පුරාම කා වැදී තිබූ උන්වහන්සේගේ සිල් ගුණයට ය. මෙත් කරුණා ඉතිරුණු හදවතේ බලයට ය. එය පිවිතුරු බුදු දහම අනුව පැවතුණු උතුම් භික්ෂුවක‍ෙග් සත්‍ය ක්‍රියාවක අසීමිත බලයකි.

ඒ වාගේ ම මා හිමියන් ගල් තලාවේ සිට බණ කියන විට ඉතා සමීපයට වී බණ අසන හාවකු පිළිබඳ කතා පුවත ද පුදුම එළවන සුලු ය. එය සිහි ගන්වන මාහිමියන්ගේ පිළිරුවක් සහ හාවා හිටි තැන ලකුණු කළ කවයක් ද අදත් සෙනසුන තුළ දැක ගැනීමට ලැ‍ෙබ්.

වලසුන්ගේ සිද්ධිය ස්මරණය කිරීමට කැපුම් කට්ටය තුළ මා හිමියන්ගේ පිළිරුවක් ද පහත් මාලයේ සිට ඉහළ බලා සිටිනා වලසුන්ගේ රූප පෙළක් ද අඹා තිබේ. අද ඒ කැපුම් කට්ටය තිබෙන තැන බැමි බැඳ වැලි මළුවක්. සදා ඇති නිසා භූමියේ සිට උස පිළිබඳ හැඟීම ඇති කර ගැනීම අපහසු ය.

මදුනාගල උස්ම කඳු මුඳුනෙහි බුදු මැඳුරක් ද ඒ මත කුඩා චෛත්‍යයක් ද ඉදිකර තිබේ. මෙය සෙනසුනෙහි හිස මත පැලඳූ මිනි ඔටුන්නක් සේ මදුනාගල වන සෙනසුනෙහි අගය පොහොසත් කරන ගෞරවනීය සිහිවටනයකි. මේ සියල්ල දැක පැහැ ද එනවිට තවත් පුවරුවක ඇති සටහනක් දිස්වේ. එයින් කියැවෙන්නේ පිරිහී‍ගෙන එන භික්ෂු ප්‍රතිපත්ති සුරකිනු පිණිස වන සෙනසුන් රැසක් පිහිටුවූ ශ්‍යාමෝපාලී වනවාස නිකායේ ප්‍රථම වනවාස මහා නායක වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මා හිමි පාණන් වහන්සේ ‍636කට වැඩි වනවාසී සිසු පිරිසක් පැවිදි කළ බව ය. ඒ වාගේ ම වනවාසී භික්ෂු කථිකාවත බිහි කළ ශාසන බළකොටුවක් වන මේ පුණ්‍ය භූමිය රැක ගැනීම ඔබ සතු යුතුකම බව ය.

පස් කම් සැප මැද තැනෙනා බළකොටු ඉදි නොවන තාක් කල් මෙවන් ධර්ම බළකොටු ආරක්ෂා වනු ඇත. සැදැහැති බොදු ජන පැතුමද මතුවටත් ආරක්ෂා වේවා යන්නය.

කොළඹ රජ­ වුණු අසන් නානාගේ අච්චාරු වට්ටෝ­රුව

2:25:00 AM
කොළඹ නගරයේ පාට පාට ගොඩනැගිලි රාශියකි. ඒ පාට පාට ගොඩනැගිලි අතරේ පාට පාට කෑම ජාති තබාගෙන විකුණන මිනිස්සුද බොහෝයි. එවැනි පිරිසකි අච්චාරු වෙළෙන්දෝ. කොළඹ නගරයේ විවිධ ස්ථානවලදී හමු වී කන අච්චාරු පිටුපස ඇති කතාවයි මේ.

පාසල් දරුවන් විවේකයේදි‘කැන්ටිමට‘ දුවන විට මට මගේ පාසල් කාලය සිහිවේ. ඒ සොදුරු ළමා වියේ අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන සොච්චම් මුදල රැගෙන අප දිව යන්නේ අච්චාරු වෙළෙන්දිය වෙතය. ඇගේ වට්ටියේ ඇති අඹ, අමු දිවුල්, තම්බපු වෙරළුවලට අපි එකල බෙහෙවින් ප්‍රිය කළෙමු. එදා අච්චාරු තිබුණේ ඒ ඒ පලතුරු කාල වලදි පමණි. ඇතැම් දිනවල ගෙදර ඇඹරැල්ලා ගහේ හොඳින් පැසුණු ගෙඩි කිහිපයකට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු දමා තළා රස කර කර කෑවෙමු. දැන් කාලය වෙනස්ය. කුඩා ඉඩම්වල පලතුරු වවන්නට ඉඩක් නැත. පලතුරු තිබුණද අච්චාරු හදන්නට වෙලාවක් නැත. එය එහෙම වුණත් කොළඹ පාරට බැස්ස විට, එහෙමත් නැත්නම් ප්‍රදර්ශන භූමියකට ගිය විට හෝ වෙනත් තැනකදී,විශේෂයෙන්ම කොළඹ කොටුවේ රතු පල්ලිය අසල මාවතේ දී නම් අච්චාරුවක් රස බැලීමේ අවස්ථාව ලැබේ. අව්ව වැස්ස ගාණක් නැතිව තියෙන අච්චාරු ලෑල්ලේ ඕනෑම පලතුරක් ඇත. අඹ, ඇබරැල්ලා, අන්නාසි, දිවුල්, වෙරළුවලට අමතර ව දැන් මේ අච්චාරු ලෑලිවලට ජම්බු, නෙල්ලි, නමිනං, ලොවි ආදි වූ පලතුරු එක් වී ඇත.

අච්චාරු අපේ රටේ කෑමක් නොවේ. එය අපට පිටරැටියන්ගෙන් ලැබුණ කෑමකි.

එනම් දූපතක් වීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අපට ඉතිහාසය පුරා වරින් වර එල්ල වූ විදේශ රාජ්‍යයන්ගේ ආක්‍රමණයන්හි ප්‍රතිඵලයකි. එම සෑම ආක්‍රමණයකදීම ඒ ඒ රාජ්‍යයන් අපට පුරුදු කළ හා බලහත්කාරයෙන් අප මත පැටවූ සංස්කෘතික චර්යා රැසක් අද දක්වාම සමාජය තුළ ශේෂව ඇත. එය සංස්කෘතික අධිරාජ්‍යවාදයක් මෙන්ම ඇතැම් විටෙක සංස්කෘතික සංකලනයක් ද වෙයි. සංස්කෘතික සංකලනය වඩාත් හොඳින් පෙන්නුම් කෙරෙන ක්ෂේත්‍ර දෙකක් ලෙස භාෂාව හා ආහාර පෙන්වා දිය හැකිය. ‘අච්චාරු’ එලෙසින් අපේ රටේ සංස්කෘතිය තුළ අපේ ආහාර රටාවට පෘතුගීසින්ගෙන් එකතු වූ ආහාරයකි.

රතට රතේ අච්චාරු ලෑලි වල තියෙන අච්චාරු දුටු ලොකු කුඩා කාටත් කටට කෙළ උනන්නේ නිරන්තරයෙනි. ඉස්සර වගේ වංගෙඩි වළ දමමින් කොටමින් වෙහෙසෙමින් අච්චාරු කන්ට වුවමනා නැත. දැන් වෙළෙඳ පොළේ අච්චාරු ඕනෑ තරම්ය. කොළඹ කොටුවේ දි කාගෙ කාගෙත් ඇහැයන අච්චාරු ලෑලි,කරත්ත කිහිපයක්ම ඇත්තේය. අච්චාරු වෙ‍ළෙඳාම තම ජීවන උපාය කරගත් ඒ තුළින්ම තම ජීවිතය ගැට ගසා ගත් මිනිසකු ගැන අපට අහම්බයෙන් දැන ගන්නට ලැබිණි. නියාස් නම් වූ ඒ මිනිසා සොයා ඉකුත් දිනෙක අපි කොළඹ කොටුවේ පළමුවන,දෙවන,විථි සරන්නට වූයෙමු.

කොළඹ අහස අඳුරු කරගෙන ධාරානිපාත වර්ෂා ඇද හැළෙයි. කොළඹ කොටු‍වේ එහෙ මෙහෙ යන මිනිසුන් නතර කිරීමට ඒ වැස්ස අපොහොසත් ය. යන ගමන පසෙක දමා වැස්සට ඉඩදී පැත්තකට වී සිටීම තේරුමක් නැත. වැස්ස කොයි මොහොතේ නතර වේදැයි කීමට නොහැකිය. එනිසා අතවූ කුඩය ඉහලාගෙන කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට පැමිණියේ හිස පමණක්වත් නොතෙමාගෙන අපේ ගමන යන්නට ය. දෙවන හරස් වීදියට පැමිණෙන විටත් අප හොඳටම තෙත බරිත වී සිටිමු. නමුදු ඒ වැස්සේ ද දෙවන හරස් වීදියේ සුපුරුදු කලබලකාරී බව වෙනදා සේම ය. ඒ කලබලකාර බව මැද්දේ අපි ඔහු සොයන්නට වීමූ. කඩිනමින් එහෙමෙහෙ යන ජනයා අතුරෙන් ඔහු සිටිනා ඉසව්ව සොයා ගැනීම අසීරුය. පාර දිගේ ගලන කළු පැහැ වතුර පාර පුළුවන් තරම් මඟ හරිමින් අපි දෙවන හරස්වීදියේ කෙළවරට පැමිණියෙමු.

පසෙකින් පෙනෙන්නේ රතු පල්ලියයි. රතු පල්ලිය ඉදිරියෙන් මිනිසුන් ඒ මේ අත යන්නේ කලබලයෙනි. රාමසාන් සමය නිසා මේ පෙදෙස තවත් කලබලකාරී වී තිබිණ. කලබලකාරී විදීයේ කෙළවරක නැවතී අප ඔහු සොයන්නට විණි. අවසානයේ ඔහුව දුටුවේය. පාරේ ඈත කෙළවරක කරත්තයක් නවතා‍ගෙන අච්චාරු වෙළදාමේ යෙදෙන ඔහු වටා කිහිප දෙනෙකුම රැදී සිටිති. අපි සෙමෙන් ඔහු සිටින දෙසට ගියෙමු.

“වැස්ස වූණාට මිනිස්සු මගෙ ගාවට එන එක නතර කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න මම මේ අය පිටත් කරලා කතාකරන්නම්”නියාස් අපට පොරොන්දු වූයේය.

නියාස් එක් එක් අයගේ රුචිය පරිදි අච්චාරු ඇසුරුම් වල දමයි. බොහෝ වේලාවක් අප පසෙකට වී සිටියෙමු. නමුදු නියාස්ට විවේකයක් නොලැබෙන හැඩය. අපි ඔහුට ළං වීමූ.

“ඔහොම තමයි හැමදාම. විවේකයක් ලැබෙනවා අඩුයි. පුළුවන් විදිහට අපි කතා කරමු.”

ගැනුම්කරුවන් අස්සෙන් රිංගා ඔහු අසලට සමීප වූ අපට නියාස් කීවේය.

නියාස් අච්චාරු බෙදන අතරේම අප සමඟ ඔහුගේ තොරතුරු පවසයි. එක් දහස් නවසිය හැට නවයේදී උපන් නියාස්ගේ පදිංචිය ග්‍රෑන්ඩ්පාස්වල ය.

“මගේ තාත්තා පිටකොටුවේ පේමන්ට් එකේ කුලී වැඩ කළා. තාත්තා කුලී වැඩ කළාට තාත්තා ඒ ගන්න සොච්චමෙන් අපි කාලා බීලා සතුටින් හිටියා. මෙහෙම ඉන්න අතරේ තමයි තාත්තා එක පාරටම ගෙදර එන්නේ නැතුව ගියා. පස්සේ අම්මා මට කිව්වා පිටකොටුවට ගිහිං තාත්තා ගැන හොයලා බලන්න කියලා. ඒ නවසිය අසූ තුනේ. ඒ කාලේ රටම ගිනි ගන්නව. මං ඉගෙන ගත්තේ අල්නාසි මහ විද්‍යාලයට. රටේ කලබල හින්දා ඒ කාලේ ඉස්කෝලේ වේලාසනින් අරිනවා. එතකොට මං අවුරුදු දොළහක -දහතුනක විතර පුංචි කොල්ලා. තාත්තා ගෙදර එන්නේ නැති හින්දත්, අම්මා නිතර තාත්තව බලලා එන්න කියපු නිසාත් මම තාත්තව හොයා ගෙන පිටකොටුවට එනවා”

තාත්තා නිවෙස අතහැර යෑම නිසා නියාස්ලාගේ පවුලට බොහො ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදු විය.

නියාස් කොලු ගැටයාගේ ජීවිතය වෙනස් මඟක යන්නට පටන් ගන්නේ ද තාත්තා සොයා කොටුවට පැමිණි ගමනය.

“තාත්තා හොයා ගෙන කොටුවට ආපු මට හරි අපූරු මිනිසෙක් හම්බ වුණා. ඇත්තම කිව්වොත් ඔහු මිනිස් වෙස් ගත් දෙවියෙක් ලෙසයි මම දකින්නේ. ඔහුගේ නම අසන් ලෙබ්බේ මුදලාලි. ඔහු පෝලියෝ හැදිලා කකුල් දෙකම පණ නැතුව හිටිය කෙනෙක්. නමුත් මම දකින්නේ අසන් මුදලාලිගේ කකුල් දෙක පණනැති වුණාට එයාට තිබුණේ මැජික් අත් දෙකක්. හරියට පිහිය එයාගේ අතේම කොටසක් වගෙයි. ‘අසන් මුදලාලිගේ අතට අඹ ගෙඩියක්-ඇඹරැල්ල ගෙඩියක් අහුවුණාම අපිට පේන්නේ ගෙඩිය අසන් මුදලාලිගේ අත උඩ නටනවා විතරයි. ඉතාම ටික වෙලාවකින් හරි ලස්සනට නූලට ලෙලි ගහපු ගෙඩියක් තමයි දකින්න පුළුවන්. මං ඒ දිහා බලාගෙන ඉන්නේ හරිම පුදුමයෙන්. හරියට වශීවෙලා වගේ. අසන් ලෙබ්බේ අච්චාරු විකුණුවේ රතු පල්ලිය ළඟ. තාත්තව සොයාගන්න දවස ගානේ එනකොට අසන් මුදලාලි මගෙන් ඇහුවා,

“කොල්ලෝ මගේ වැඩවලට උදව් කරන්න එන්න කැමතිද? මං උඹට ගාණක් ගෙවන්නම් කියලා”.

ඔහු මුදලක් ගෙවන්නම් කියපු එක මට ඇහුණේ නැහැ. කොයි තරම් සල්ලි අමාරුකම් තිබුණත්. ඒ වෙනකොට ඉස්කෝලේ ගමනත් එපා වෙලා හිටපු නිසා මම එක පයින් මුදලාලිගේ අදහසට කැමති වුණා. මගේ ඉස්කෝලේ ගමන අතරමඟ නතර වුණේ ඒ විදිහට". ජීවිත පොතේ එක්තරා පරිච්ඡේදයක අවසානයත් තවත් පරිච්ඡේදයක ආරම්භයත් නියාස් පවසන්නෙ එසේය.

“එකදහස් නවසිය අසූ තුනේ ඉදලා එක්දහස් නවසිය අසූ නවය වෙනකං මුදලාලිට අත් උදව් දුන්නා. ඒ ‍රටේ කලබල තිබුණ කාලයක්. කලබල තිබුණත් මේ පැත්තේ දෙවන හරස් වීදියේ ඉඳන් පස්වන හරස් වීදිය වෙනකං මුකුත් කරදරයක් වුණේ නෑ. ඔය අතරේ අසන් මුදලාලි දවසක් මට කිව්වා“කොල්ලෝ උඹ මේ කඩේ බලාගනිං. මං යනවා මඩකලපුවේ මගේ ගමට කියලා”. මම ඔහු නතර කර ගන්න උත්සාහ කළා. නමුත් මුදලාලිව නවත්ත ගන්න බැරි වුණා. ඔහු මඩකලපුවේ ගමට ගියා. මේ වෙනකොට රතු පල්ලිය කියන්නේ මට ගෙදර වගෙ තැනක්. මම හිතා ගත්තා මම කොහොම හරි මේ අච්චාරු ලෑල්ල දියුණු කරනවා කියලා. මිනිස්සු කැමති පිරිසුදුවට තියෙන තැනකින් කෑම කන්න. අසන් මුදලාලි මට හොඳ පුහුණුවක් දීලා තිබුණේ. මම අච්චාරු තට්ටුව පිළිවෙළට පිරිසුදුවට සකස් කෙරුවා. ඉන් පස්සේ හැමදාම අඹයි, ඇබරැල්ලයි විකුණනවා වෙනුවට තව තව පළතුරු වර්ග වලින් අච්චාරු හැදුවා. මුල් කාලේ ගෙඩි සුද්ද කරන එක අච්චාරු හදන එක හැමදේම කළේ පාරේ. ලෑල්ල ටිකෙන් ටික දියුණු වුණා. අයිටම් එකින් එක වැඩි වුණා. දැන් මම වෙරළු -අඹ -ඇඹරැල්ල -දිවුල් සම්බෝල -නෙල්ලි -ජම්බු -පේර - අන්නාසි,අච්චාරු විකුණනවා”.

අතීතයේ ආ ගිය තොරතුරු මෙසේ හාරා බැලූ අප ඉන් අනතුරුව විමසිලිමත් වූයේ වර්තමානයේ ඔහුගේ ව්‍යාපාරය ඇති ස්ථානය පිළිබඳවයි.

“මගේ අච්චාරු කඩේ පිටකොටුවේ විතරක් නෙමෙයි මුළු කොළඹම ප්‍රසිද්ධයි. කොළඹ ඉස්කෝලවල ස්පොර්ට්මීට් වලට, කානිවල්වල, ප්‍රධානපෙළේ සම්මන්ත්‍රණ, උත්සවවලදී අපට එන්න කියලා ආරාධනා තියෙනවා. සමහර ආයතනවල පඩි දවසට අපිට ලොකු ඉල්ලුමක් තියෙනවා“

නියාස් මහතාට සමුදීමෙන් අනතුරුව අපට හමුවූයේ මොහොමඩ් දියාස් ය. ඔහු නියාස් මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර පූර්ණකාලීනව තම පියාගේ ව්‍යාපාරය සමඟ කටයුතු කරන්නෙකි.

“අච්චාරු කියන දේ පොඩි කාලේ ඉඳන්ම අපේ ජීවිතත් එක්ක සමීපයි. රහට පොඩි කාලේ අච්චාරු කෑවට ටික ටික ලොකු වෙන කොට තේරුණා, ඒ රස අච්චාරු පිටි පස්සේ තියෙන්නේ මගෙ තාත්තගේ අම්මගේ දුක කියලා. මම මට තේරෙන කාලේ ඉඳලා ඒ අයට පුළුවන් විදිහටඋදව් කළා. ඉස්කෝලේ ගමන නතර කෙරුවට සම්පූර්ණයෙන්ම අච්චාරු රස්සාවට බැස්සා” දියාස් පවසන්නේ තම පාරිභෝගිකයන්ට අච්චාරු අලෙවි කරන අතරතුරමය.

“අපෙන් අච්චාරු කාපු කෙනෙක් අනිවාර්යෙන් ආයිත් එනවමයි. ඒක අපිට විශ්වාසයි. අපි රස වගේම කොලිටිය ගැන ගොඩක් හිතනවා. හැම පලතුරක්ම ගන්නේ මැනිං මාකට් එකෙන්. හැම පළතුරක්ම කිලෝ විස්ස ගානේ ගන්නවා. අද හදන අච්චාරු අද ඉවරයි. ඒ නිසා හැමදාම දෙන්නේ අලුත් බඩු. මේ පාරේ ගොඩක් ෆැන්සි අයිටම් කඩ තියෙන නිසා ගෑනු අය ගොඩක් එනවා. අනික මේ පල්ලිය. පොඩි ළමයි, ගැබිනි මවුවරු, කපල්ස් තමයි අපෙන් ගොඩක්ම අච්චාරු ගන්නේ. අපි මේවට විනාකිරි, අබ වගේ දේවල් දාන්නේ නෑ. මොකද ඒවා ගැබිනි අම්මලට හොඳ නෑ. බොක්ස් එකේ දාලා ලස්සනට දෙන නිසා කස්ටමස්ලා කැමතියි” දියාස් කියයි.

නියාස් මහතා තම වැඩි මහලු පුත්‍රයා සමඟ රතු පල්ලිය අසල අච්චාරු වෙළෙඳාමේ යෙදෙන අතර කාන් ඔරලෝසු කණුව අසල කොට්ටන් ගස යට ඇති අනෙක් තට්ටුවේ වෙළෙඳම් කරන්නේ මොහොමඩ් දිස්ටි ය. ඔහු සමඟ කතා බහේදී අපට අවබෝධ වුයේ ඔහුද නියාස් මහතාගේ මස්සිනා කෙනකු බව ය.

“මගේ නංගිව තමයි නියාස් බැඳලා ඉන්නේ. එක එක කුලී වැඩ කර කර හිටියේ. දැන් මමත් අච්චාරු විකුණනවා. මම අච්චාරු දාපු කරත්තේ තල්ලු කරගෙන කොච්චි කඩේ වගේ පැතිවලට යනවා. මහන්සි වුණොත් තමයි සල්ලි හම්බෙන්නේ. නිකං සල්ලි ඉල්ලුවට කව්රුත් දෙන්නේ නෑනේ. මං දවසට රුපියල් එක්දහස පන්සියයක් හම්බකරනවා.”

මොහොමඩ් රිස්වාන්, නියාස්ගේ බාල පුත්‍රයාය. කාන් ඔරලෝසු කණුව අසල වෙ‍ෙළඳාම් කරන ඔහු පවසන්නේ මෙවන් අදහසකි.

“තාත්තා අපිට පාරක් කපලා දීලා තියෙනවා. අපි සහෝදරයෝ හැමෝටම ජීවත් වෙන්න රැකියා අවස්ථාවන් හදලා දීලා තියෙනවා. අද තරුණ අයට රැකියාව ප්‍රශ්නයක්. ඒ අතින් අපි වාසනාවන්තයි."
blogspot.okkomaa.com. Powered by Blogger.