අංගම්පොර සටන් කලාව

2:17:00 AM

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. පසුකාලීනව මේ කතරගම දෙවියන් අසුරයන් හා යුද්ධයකට මැදිවිය. එහිදී කතරගම දෙවියන් භාවිතා කළ යුද ක්‍රමය වුයේ අංගම්පොරයි. මේ ආකාරයට බොහෝ අතීත රණ ශුරයන් අනුගමනය කළ අංගම්පොර ශිල්පය වසර 33000 කට වැඩි අතීත කාල පරාසයන් දක්වා දිව යයි. රාවණා රජු ද රාමා සමඟ යුද්ධයේ දී අංගම් පොර ශිල්පය යොදාගත් බව ජනප්‍රවාදගතව ඇත.

කෝට්ටේ රාජධානියට පෙර ගම්පොළ රාජධානිය සමයේ අලකේෂ්වර නම් ව්‍යාපාරිකයෙක් විය. ඔහු දක්ෂ අංගම් ශිල්පියකි. අංගම් සටන් කලාව සම්බන්ධව ගම්පොළ විසූ පණ්ඩිත වරසම්බෝධි හිමි විසින් ඇම්.සි. රඝවන් මහතා දෙන ලද පැරැණි සිංහල කවියක මෙසේ සඳහන් කර ඇත. අලකේෂ්වර නම් ශිල්පියාගෙන් කෝට්ටේ රාජධානියට සපැමිණි බව ඉන් කියැවේ.

මෙසේ ශතවර්ෂ ගණනාවන් හෙළ දිව අසහාය රණශූරයෝ බිහිකළ අංගම් ශිල්පය විවිධාගමන හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී.සී. කඩව විසිර ගියහ. කෝට්ටේ සහ සිතාවක හේවාගම් කෝරළය තුළ කොරතොට රජ මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගත ව පවත්වාගෙන යෑමට ඉතිරි වූ ගෝත්‍රික නායකන් සමත් වූ බව කියැවේ. මෙරට අංගම් මඩු, ඉලංගම් මඩු යෞවන යෞවනියන්ගෙන් පිරි ගිය යුගයක් තිබිණ. රෝබට් නොක්ස්, ක්වේරොස්, ජුගන් හැන්ඩර්්‍යන් වැනි විදේශීය ඉතිහාඥයන් සිය ග්‍රන්ථවල පැහැදිලිව ඒ බව සටහන් කර ඇත. සුදලිය හා මරුවල්ලියගේ සටන් අභ්‍යාස විද්‍යාල සිංහලේ අවසන් රජුගේ යුගය දක්වාම පැවැති බව මේජර් ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.

අංගම් පොර සටන් හදාරණ රණකාමීන් තුළ දැඩි විනයක් ද නිතීගරුක බවක් ද පවතී. අංගම් හරඹයේ ගැට පොරා නිලා නක්ෂත්‍රය, වෙදකම මන්ත්‍රශෘස්ත්‍රය යන සම්පුර්ණ විෂය කොටස් හයකින් යුක්තය. අංගම් සටන් ශිල්පයට අවතිරණ වන ආධුනික ශිල්පියකු සටන් හරඹය ආරම්භයේදීම සටනට අධිපති දෙවිවරුන් හා අඩවියට අධිපති දෙවිවරුන්ගෙන් අවසර පතා සටනට උරුම කම් කියා වියෝ වූ ගුරුදෙගුරුන්ගෙන් අවසර පැතිය යුතුයි. අංගම් ශිල්පයේදි සටන් ශිල්පියාට කන්දේ ලන්දේ ගෙැඩල්ලේ , දිය ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනට මුහුණු දීමට හැකි අයුරින් සටන් පුහුණුව සිදුවේ.

ඉන්පසු ව්‍යායාම් පද්ධති ඉගෙනීම ආරම්භ වෙයි. අංගම් ශිල්පයේ මණ්ඩි නමස්කාර ක්‍රම තුනක් වේ. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගෙන් අකර්ෂණය ලබාගැනීමට මෙය සිදු කරයි. විෂ්ණු, ශිල්පයේ දී අදහන දෙවියන්, කතරගම දෙවියන්ට මෙය සිදුකරයි. සහස්‍ර, විසති, ශක්ති නමස්කාර ලෙස හඳුන්වා දියහැක. අංගම් පොර ඇල්ලිමේදී සටනක දී පහරදිම් හා පහර වළක්වා ගැනීමේදී යොදා ගන්නේය. මෙහිදී පොර ඇල්ලිමද ශක්තිවන්තයා දිනන බව සෑම අයකුටම සිතුණ ද අංගම් හි දිනුම හිමි වන්නේ බුද්ධිමතාටය. ශක්ති වනන්තයකු හෝ උපක්‍රමශිලීව පැරදිවීමට හැකි අභ්‍යාස අංගම් වල දී ශිල්පින්, ප්‍රගුණ කරන්නේය. නිල හරඹයේ දී මිනිස් ශරීරියේ ඇති නිල 107ක් ගැන අංගම් සටන් ශිල්පියාට උගන්වන්නේය. ප්‍රතිවාදීන්ට මෙල්ල කිරීමට හෝ යම් අවස්ථාවක අඩපණ කිරීම හෝ මරණය දක්වාම සටනේදී නිල භාවිතය කිරීමට හැකිය. වින කරන පුද්ගලයන් සමාජයන් තුරන් කිරීමට කෝට්ටේ රාජධානිය තුළ විශේෂයෙන් අංගම් පිටිවලදී උගන්වා තිබි ඇත. මෙම නිල ශාස්ත්‍රය ලබා දීමට පෙර ඔහුගේ ජන්ම පත්‍රය ගෙන නක්ෂත්‍රය පිහිට පතනු ඇත.එමෙන්ම මේ සටන් ශිල්පය හැදැරීමට පැමිණෙන පුද්ගලයාගේ අරමුණ හා ඉලක්කය කුමක් ද කියා වටහා ගැනීමට ඇදුරන්ට පෙර සිටම හැකියාව ඇත. ඒ, ඔවුන් භාවනා යෝගිව සිත දියුණු කර අධ්‍යාත්මික ශක්තිය නිසාය. පෙර ආත්මයේ හා බැඳි එන නියමයන් හා මෙම යෝග ශිල්පය බැඳි පවතින්නේය. මන්ත්‍ර ශාස්ත්‍රය නොමැති තැන අංගම් හරබයක් ද නොමැති බව එහි උරුමක්කරුවෝ පෙන්වා දෙති. අංගම් කලාවේ ඇති විෂ්ණු මණ්ඩල සටන ඉතාමත් සංකීර්ණ සටන් පුහුණුවක් වේ. මෙය ගුරුකුලත් ගුරුකුලට වෙනස් වේ.

මඩුවන්වෙල කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මඩුවන්වෙල දිසාවේ

2:11:00 AM

මඩුවන්වෙල මහා දිසාවේ හැඳින්වීමට පැරැන්නන් විසින් “මඩුවන්වෙල කළු කුමාරයා” යන අන්වර්ථ නාමය යොදාගන්නා ලද්දේ ඔහුගේ පෙනුමෙහි පැවති සුවිශේෂී ස්වභාවය හේතුවෙනි. කාල වර්ණයෙන් හා තේජස් පෙනුමෙන් යුක්ත වූ මඩුවන්වෙල මහා දිසාවේගේ ජන්ම නාමය වූයේ මඩුවන්වෙල විජයසුන්දර රාළහාමිගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල ය. වර්ෂ 1844 සැප්තැම්බර් මස 11 වන දින දී මඩුවෙන්වෙල වලව්වෙහි මෙලොව එළිය දුටු මඩුවන්වෙල මහ දිසාවේ සිය ජීවන ගමන අවසාන කරන්නේ ද තමා ජන්මය ලද ස්ථානයෙහිදීම ය. ඒ වසර අසූ පහක් ආයු වළඳා අවසන වර්ෂ 1930 සැප්තැම්බර් මස 06 වනදා යි. මඩුවන්වෙල මහ දිසාවේ සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඔහු පැතිරවූ බල පරාක්‍රමය හේතුවෙනි. ඉංග්‍රීසීන් කෙරෙහි ප්‍රසාදයක් නොතිබුණ බව පැවසුන ද ඔහු ඉංග්‍රීසි පාලන ව්‍යුහය තුළ විවිධ නිලතල දරමින් සිය රාජකාරීන් ඉටුකළේ ය.

මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ලන්දේසි මං පහරන්නෙකු වූ ඔතලයාගේ හිස රාජ අණක් පරිදි කන්ද උඩරට රජුට භාරදීම හරහා මඩුවන්වෙල පරපුරට ලැබුණු මඩුවන්වෙල නින්දගම, තවදුරටත් විධිමත්ව පාලනය කරගෙනයාමට ප්‍රාදේශීය පාලකයෙකුටත් වඩා බලවත් වූ මඩුවන්වෙල මහ දිසාවේට හැකි විය. මඩුවන්වෙල නින්දගමේ සංකේතය ගෝන හිස ලෙස සැලකේ. ඊට හේතුව මඩුවන්වෙල පරපුර විසින් කන්ද උඩරට රජුගේ අණ පරිදි සුදු ගෝනෙකු අල්ලා දී දෙවන වරටත් නින්දගමක් ඈඳාගත් බැවිනි. මඩුවන්වෙල දිසාවේගේ මව්පියන් ඔහු කුඩා කාලයේදීම මියගිය හෙයින් දිසාවේ ඇතිදැඩි වූයේ බලංගොඩ විසූ සිය පියාගේ මවගේ සෙවනෙහි ය. ඉගෙනීමට මහත් සමත්කමක් දැක්වූ දිසාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව උගත්තේ ය.

කතෝලික පාසල් සෙවනෙහි අධ්‍යාපනය හැදෑරූ නමුත් ඔහු භක්තිමත් බෞද්ධයෙකු වූ අතර උපන් ගමට මහත් සේ ආදරය දැක්වූ පුද්ගලයෙකු විය. මහත්මා ගාන්ධිගේ ගමන්මඟ මහත් සේ අගය කළ පුද්ගලයෙකු ලෙස මඩුවන්වෙල දිසාවේ සැලකේ. මඩුවන්වෙල පරපුර විසින් මඩුවන්වෙල මුදලින්දාරාමය ඉදිකර අක්කර 50ක භූමි භාගයක් සන්නසක් මඟින් එකී විහාරයට පූජා කරනු ලැබූ අතර, පනාමුර කාවන්තිස්ස රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කරමින් බෞද්ධාගමෙහි පුනර්ජීවනය උදෙසා ද කටයුතු කරන ලද බව පැවසේ. සිය පරපුරෙහි පූර්වකාලීනයන්ගේ මැදිහත්වීම මත පෝෂණය වූ මෙකී ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම උදෙසා පසුකාලීනව පහළ වූ මඩුවන්වෙල මහ දිසාවේ ද කැප වූ බව සඳහන් ය.

මඩුවන්වෙල වලව්වේ සඳකඩ පහන
පරිපාලනයේ දක්ෂතා හේතුවෙන්ම ඉංග්‍රීසි පාලනය තුළ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ආදායම් නිලධාරියා ලෙස මඩුවන්වෙල දිසාවේව පත්කරන ලදී. තව ද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඔහුව නඩු අසන්නෙකු ලෙස ද පත්කර තිබුණි. සිය වලව්වෙහි ඉදිකරන ලද අධිකරණ ශාලාව තුළ දී ඔහු විසින් නඩු විභාග කිරීමේ අධිකරණ කටයුතු සිදු කරන ලදී. ඇතැම් අවස්ථාවන්හි දී ප්‍රමාද වී වැඩ කරන ඉංග්‍රීසි ඒජන්තවරයන්ට පවා දිසාවේ විසින් දඬුවම් පමුණුවා ඇත. එමෙන්ම කිසිදු ගරුසරුවක් නොමැතිව තමාව අශ්ව කෝච්චියෙන් නෙරපීමට කථිකා කළ ඉංග්‍රීසි තරුණයන් දෙදෙනෙකුව එළියට ඇද දමා තනිවම තම ගමන යාමට තරම් ඔහු තේජවන්තයෙකු වූ බව කියැවේ. වර්තමාන දෙනියාය, රක්වාන මාර්ගය කොලොන්න මඩුවන්වෙල හරහා කැපීමට ඉංග්‍රීසීන් විසින් යෝජනා කරන ලද අතර මඩුවන්වෙල දිසාවේ ඊට තදින්ම විරුද්ධ විය. ඔහුගේ විරුද්ධත්වය අබිබවා යාමට ඉංග්‍රීසි පාලකයන්ට ද ‍නොහැකි විය.

විවිධ අවස්ථාවන්හි එවන් අර්බුදකාරී තත්ත්වයන් ඇති වූ නමුදු, තම වලව්වට පැමිණෙන ඉංග්‍රීසීන්ට සිංහල ක්‍රමයට අනුව මනා ලෙස සැලකිලි සත්කාර දැක්වීමට තරම් මඩුවන්වෙල දිසාවේ වැදගතෙකු විය. මඩුවන්වෙල ප්‍රදේශය පැවතියේ කන්ද උඩරට සහ පහතරට අතර කලාපයෙහි වන අතර වර්ෂ 1815න් පසුව ඉංග්‍රීසීන් විසින් සිය බල පරාක්‍රමය දිවයින පුරා පතුරවන තෙක්ම, හැකි සෑම අවස්ථාවකම උඩරට රජුට අවනත වෙමින් උඩරට අණපනත් ක්‍රියාවට නැංවීමට මඩුවන්වෙල දිසාවේ පරපුරෙහි පූර්වගාමීන් බැඳී සිටියහ. මඩුවන්වෙල දිසාවේ ද ඉංග්‍රීසි ආණ්ඩුවෙහි නිලධරයෙකු වූ නමුදු, හැකි සෑම අවස්ථාවකම සිංහල ක්‍රමයට අනුගතව කටයුතු කිරීමට උත්සාහ කළේය.

උදෑසනම අවදිවෙමින් වලව්වේ කටයුතු ආරම්භ කිරීමට පුරුදු වී සිටි මඩුවන්වෙල දිසාවේ අතිශය ශක්තිමත් පුද්ගලයෙකු විය. ඇත්, අස්, රිය සේනාව සිටිය දී පවා පයින් ගමන් කිරීමට ඔහු මහත් අභිරුචියක් දැක්වූවේය. දිසාවේට ආයුධ සන්නද්ධ සේවක බලඇණියක් සිටි අතර ඉංග්‍රීසීන් ඔහු සමග කිසිදු ආරවුලක් ඇති කර නොගැනීමට එය ද හේතුවක් විය. මඩුවන්වෙල දිසාවේ සිය පාලන කලාපය තුළ සිටි සියලු වැසියන්ට එක සේ සලකන ලදී. සියලු ජාතික උත්සව ඉතා ඉහළින් සැමරූ ඔහු සිංහල අලුත් අවුරුද්ද වැනි දිනයන්හි දී සියලු ගම්වාසීන්ට තෑගිභෝග පිරිනැමීමට තරම් කාරුණික හා ත්‍යාගශීලී වූයේ ලු.

මඩුවන්වෙල දිසාවේගේ දෙවන භාර්යාව වූ කලවානේ කුමාරිහාමි 
පළමු භාර්යාවගේ අභාවයෙන් පසුව දියණිය සමග හුදෙකලා වූ දිසාවේ නැවත වරක් විවාහ විය. තම දියණියට රුචි කාන්තාවකට මල් මාලය පළඳවා මෙකී පිළිගැනීම සිදුකර ඇත. මෙසේ දෙවන වරට විවාහ කරගත් මඩුවන්වෙල කුමාරිහාමි මහත් භක්තියෙන් යුතුව සිය යුතුකම් සහ වගකීම් ස්වාමියාත් දරුවාත් කෙරෙහි ඉටු කළ බව කියැවේ.

කෙසේ නමුදු සිය ජීවිතයේ අවසාන භාගයෙහිදී දැඩි ලෙස රෝගාතුර වූ දිසාවේ ශල්‍යකර්මයකට පවා මුහුණ දුන්නේ ය. දොස්තර ආර්. එල්. ස්පිටල් විසින් මඩුවන්වෙල දිසාවේගේ පාදයේ ශල්‍යකර්මයක් සිදු කළ අතර නිර්වින්දනය වීමකින් තොරවම එකී ශල්‍යකර්මයෙහි වේදනාව දරාගැනීමට මඩුවන්වෙල දිසාවේ සමත් වූ බව කියැවේ. ශල්‍යකර්මයෙන් මසකට පසුව රෝගාතුරව වාසය කළ දිසාවේ දිනෙක අසාධ්‍ය තත්වයට පත් වූ අතර ඒ බව වටහාගත් ඔහුගේ විශ්වාසවන්තම සේවකයා වූ ජුවානිස් වහාම මුදලින්දාරාමයට දිව ගොස් මේ බව සබරගමු පළාතේ ද්විතීයික සංඝනායක පදවිය දැරූ ශ්‍රී සාරානන්ද හිමියන්ට සැල කළේය. උන්වහන්සේ පැමිණ බණ දේශනා කිරීමෙන් අනතුරුව දිසාවේ විසින් උන්වහන්සේට පූජා භාණ්ඩ පූජා කිරීම ද සිදුකරන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ විසින් පිරිත් දේශනා කරමින් සිටිය දී දෑත් බැඳගෙනම ජුවානිස්ගේ උකුළ මතට පතිත වන මඩුවන්වෙල දිසාවේ සිය ශරීරය නමැති නවාතැන අතහැර සිය සුසුම් පොද නිසල වාතලයට මුසු කරයි.

මඩුවන්වෙල වලව්ව විචිත්‍ර අයුරින් පවත්වා ගත් දිසාවේ 
ඔහුගේ මරණයෙන් ඉනික්බිති වර්ෂ 1962 දී ඔහුගේ දියණිය වූ මඩුවන්වෙල පුංචි කුමාරිහාමි ද මිය යන අතර, අනතුරුව මඩුවන්වෙල වලව්වේ හිමිකාරීත්වය ලංකාවේ ප්‍රථම කථානායක වූ ප්‍රැන්සිස් මොලමුරේ විසින් හිමිකරගන්නා ලද්දේ ය.  

ලේ වර්ගය ගැන දැනුවත් ද?

4:53:00 PM

තමන්ගේ ලේ වර්ගය ගැන දැනුවත්ද? (Blood groups)

O+
•ලොව පුද්ගලයන් 100ක ගෙන් 37කගේ රුධිර වර්ගය O+ වේ.
•O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: O+ O-•O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ O+ A+ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

O-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6කගේ රුධිර වර්ගය O- වේ.
•O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි වන්නේ O- රුධිර වර්ගය පමනි.එනම් අවාසනාවන්තම රුධිර වර්ගය වේ.
•O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක(සර්ව දායකයා).

A+•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 34 කගේ රුධිර වර්ගය A+ වේ.
•A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: A+ A- O+ O-
•A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ A+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

A-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6 කගේ රුධිර වර්ගය A- වේ.
•A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: A- O-
•A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ A+ A- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

B+•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 10 කගේ රුධිර වර්ගය B+ වේ.
•B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිරවර්ග: B+ B- O+ O-
•B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

B-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් 2 කගේ රුධිර වර්ගය B- වේ.
•B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B- O-
•B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ B+ B- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

AB+
•ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ.
•AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්රතිග්රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ.
•AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාගකල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි.

AB-•
ලොව පුද්ගලයන් 100ක ගෙන් එක් පුද්ගලයෙකුගේ රුධිර වර්ගය AB- වේ.
•AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: AB- A- B- O-
•AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්යාග කල හැක්කේ AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.

කොසොල් රජතුමා දුටු සිහින 16

9:35:00 PM

මංගල සූත්‍රය

10:57:00 AM

ඛුද්දක නිකාය
ඛුද්දක පාඨය
5.                       මංගල සූත්රය

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය.

පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේට

“බොහෝ දෙවියෝද මනුෂ්යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි”

ගාථායෙන් කීය.

“එවිට භාග්යවතුන් වහන්සේ

බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එය උතුම් මඟුල්ය.

“නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එය උතුම් මඟුල්ය.

ධර්මශාස්ත්ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එය උතුම් මඟුල්ය.

“මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එය උතුම් මඟුල්ය.

“දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එය උතුම් මඟුල්ය.

“පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එය උතුම් මඟුල්ය.

“ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එය උතුම් මඟුල්ය.

“ඉවසීමද, සුවච බවද, ශ්රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එය උතුම් මඟුල්ය.

“ඉන්ද්රිය සංවරය හා වීර්යයද, බ්රහ්මචර්යාවද, ආර්ය සත්යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එය උතුම් මඟුල්ය.

“අෂ්ටලොක ධර්මයෙන් හැප්පුණු යමෙකුගේ සිත නොසැලේ නම් ඒ නොසැලෙන සිතද, ශොකනැති සිතද, කෙලෙස්ධූලි නැති සිතද, උපද්රව නැති සිතද යන එය උතුම් මඟුල්ය.

“මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”

                       මංගල සූත්රය නිමා විය

blogspot.okkomaa.com. Powered by Blogger.